අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධනය සතිය - ජනවාරි 25 - 30 දක්වා

    ජනවාරි 11, 2016

    ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම සඳහා සාර්ථක ආරම්භයක් ලබා දීම පිණිස ජනවාරි මස 25 වන දා සිට 30 වන දා දක්වා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතියක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත​. එමෙන්ම ජනවාරි 30 වන දා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණවනුයේ ක්‍රීඩා කිරීම හා ශරීර සුවතාව සඳහා ව්‍යායාම කිරීම සියලු ජන කොටස් තුළ ජනප්‍රිය කරවීමය.

    මෙම ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය තුළ එයට අදාළ කටයුතු සියලු අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන තුළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්තුමා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් වෙත විගේෂ චක්‍රලේඛනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත​.

    ඒ අනුව  එම සතිය පුරා දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනයන් සිය කාර්යය මණ්ඩලය වෙනුවෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ වැඩසටහන් ආරම්භ කරනු ඇත​.

    ජනවාරි මස 30 වන දිනට යෙදෙන ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය වෙනුවෙන් දිවයින පුරා ග්‍රාමිය​, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධනයට අදාළ වැඩසටහන් හා ක්‍රීඩා තරඟ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පැවැත්වීමට කටයුතු කරන ලෙස ද​දැනුම් දී තිබේ.

    මෙයට අමතරව පෞද්ගලික ව්‍යවසාය හා නිදහස් වෙළඳ කලාප අංශයන්හි සේවක සහභාගීත්වයෙන් ඔවුන් සඳහා ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කර අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිනු ලැබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya