අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා උළලේ නව වාර්ථා

    දෙසැම්බර් 20, 2015

    හතලිස් එක්වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ඌව පලාත නියෝජනය කළ අයේෂා මධුවන්ති සමත්වූවාය.

    ඇය කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වේදී ඇය සතුව පැවති මීටර් 42.75 ක වාර්තාව අලුත් කරමින් මීටර් 43.18 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජයගත්තාය.

    එසේම මෙම ජාතික ක්‍රීඩා උළෙලේදී තවත් නව වාර්ථා දෙකක් බිහි කිරීමට දකුණු පළාත නියෝජනය කළ ඩබ්.කේ.එල්.ඒ. නිමාලි සහ බස්නාහිර පළාත නියෝජනය කළ ඉෂාර සදරුවන් සමත් වූහ.

    කාන්තා මීටර් 800 ඉසව්වේදී ඩබ්.කේ.එල්.ඒ.නිමාලි ඇය සතුව තිබූ මීටර් 800 ඉසව්වේ විනාඩි 2.06.65 ක වාර්තාව විනාඩි 2.05.32 දක්වා ඉදිරියට ගෙන එන්නට සමත් වූවාය.

    එසේම බස්නාහිර පළාත් එන්.සී.ඩී.ප්‍රියදර්ශනී දුර පැනිමේ කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවීමට සමත්වූවාය. එය මීටර් 6.43 ක් විය. වසර 13 ක් පැරණි නයන්ති කුමාරි චන්ද්‍රසේන විසින් පිහිටුවා තිබූ මිටර් 6.40 ක වාර්තාව එන්.සී.ඩී.ප්‍රියදර්ශනී විසින් අද දින බිද හෙලුවාය.

    මෙම ජාතික ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීයාංගනයෙ පැවැත් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya