අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීච් වොලිබෝල් කණ්ඩායම ඉන්දියාවට

    දෙසැම්බර් 17, 2015

    මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඊයේ (16) ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙම තරගාවලිය හෙට (18) ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ වෙරළ කේන්ද්‍රකර ගනිමින් ආරම්භ වන අතර දෙසැ. 20 වැනිදා දක්වා පැවැත්වේ.

    ඉන්දියාව, කසකස්තානය, උස්බකිස්තානය, තජිකිස්තානය, පාකිස්තානය, ඉරානය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ කිරිකිස්තානය යන රටවල් 13 ක් මෙම තරගාවලියට සහභාගිවේ.

     

    තරගාවලිය ජය ගන්නා පළමු කණ්ඩායම් තුන ආසියානු කලාපීය තරගාවලියට සුදුසුකම් ලබයි. එම තරගාවලිය ජය ගන්නා කණ්ඩායම්වලට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව උදාවේ.

     

    ඉන්දියාව බලා ගිය කණ්ඩායමට ගීතිකා ගුණවර්ධන, නිරෝෂා ලක්මිණී, එස්.ඒ.එන්.වික‍්‍රමරත්න, ඞී.ජී.ගුණසිංහ, ප‍්‍රදීප් කුමාර, මලින්ත යාපා, කුමාර ඒකනායක සහ සුජීව චින්තක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya