අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව - ශ්‍රී ලංකාව යා කරමින් නව පාලම ඉදි කිරීමට සියළු කටයුතු සූදානම් - ඉන්දීය ප්‍රවාහන ඇමති

    දෙසැම්බර් 18, 2015

    ඉන්දියාව - ශ්‍රී ලංකාව යා කරමින් ඉන්දියාවේ රාමේෂ්වරම් හා ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නරම අතර පාලමක් සහ උමං මාර්ගයක් ඉදිකිරීම සඳහා සියළු කටයතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන ඇමති නිතින් ගද්කරී මහතා පෙරේදා (16) ඉන්දීය ලෝක් සභාව අමතමින් පවසා ඇත.

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සංචාරවලදී හමුවූ අවස්ථාවන් හිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතියට පූර්ණ මූල්‍ය දායකත්වය දෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

     

    රාමේෂ්වරම් හා තලෙයිමන්නරම අතර මුහුද හරහා දුර කිලෝ මීටර 22කි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් (ඉන්දීය රුපියල් කෝටි 24,000) වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

     

    Adams Bridge

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya