අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු රද මඩුළු සවි එසවීමේ තරගාවලියේ රන් පදක්කම්ලාභීන් ක්‍රීඩා ඇමති හමුවේ

    දෙසැම්බර් 13, 2015

    කැනඩාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරඟාවලියේ  රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 1 ක්  දිනාගත් රන්සිළු ජයතිලක සහ කනිෂ්ඨ අංශයේ රන් පදක්කම් 4 ක් දිනාගත් ධනුෂ්ක ජයතිලක යන ක්‍රීඩකයන් පසුගියදා (11) ක්‍රීඩා අමාත්‍යාංශ කාර්යාලයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවිය.

    එහිදී  ක්‍රීඩා අමාත්‍යවරයා එම ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාදිය හැකි පූර්ණ සහයෝගය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බව පැවසීය. ක්‍රීඩකයන් දෙපළ ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තූති කිරීමෙන් පසුව සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

     

    තරගාවලියේ දී රන්සිළු ජයතිලක ක්‍රීඩකයා ඩෙඩ් ලිෆ්ට් ක්‍රමය යටතේ කිලෝ 305 බර පන්තිය ඔසවමින්  ප්‍රථම වරට නව ආසියානු වාර්තාවක් ද  පිහිටවා ඇත.

     

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩබ්.එම් ආර්. බී . දිසානායක මහතාද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya