අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු වරට සෞදි කාන්තාවන් තම ඡන්දය භාවිතා කරති

    දෙසැම්බර් 13, 2015

    ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබියේ කාන්තාවන්ට මැතිවරණයක දී තම ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලැබී තිබේ. නගර සභා මැතිවරණයේ දී මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සෞදි කාන්තාවන්ට හිමි වී ඇති බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    මීට අමතරව රට පුරා පැවැත්වෙන නගර සභා ඡන්ද විමසීමේ දී අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් වීමේ අවසරය ද ඔවුනට ලබා දී තිබේ.

     

    ඒ අනුව පුරුෂ පාර්ශවයේ අපේක්ෂකයන් 5,938කට කාන්තාවන් 978ක පිරිසක් අයැදුම්කරුවන් ලෙස ලියාපදිංචි වී සිටින බව වාර්තා වෙයි. කාන්තාවන් 130,000 ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිති.

     

    එසේවුවද කාන්තාවන්ට පනවා ඇති මැතිවරණ නීති අනුව අපේක්ෂිකාවකට එක එල්ලේ පුරුෂ පක්ෂයේ ඡන්ද දායකයෙකු ඇමතීමේ අවස්ථාව ලබා දී නැතැයි එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.

     

    සෞදි කාන්තාවන්ට තනිවම රිය පදවාගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවසර නැති බැවින් අන්තර් ජලය හරහා ක්‍රියාත්මක වන අබර් (Uber) නම් කුලී රථ සේවාවක් සුදානම් කර තිබේ.

     

    කාන්තා සංවිධානයක (Al-Nahda Philanthropic Society for Women) මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන එම සේවාව මගින් චන්ද දායිකාවන් නොමිලයේ චන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන බව ද වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya