අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලියේදී ලංකාවට පදක්කම් රැසක්

    දෙසැම්බර් 11, 2015

    කැනඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ (පවර් ලිෆ්ටින්) තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක රන්සිළු ජයතිලක රන් පදක්කම් හයක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය. මෙම තරගාවලියේ කනිෂ්ඨ තරගයේදී ධනුෂ්ක කොඩිකාර රන් පදක්කම් හතරක් දිනා ගනිමින් දස්කම් දැක්වීය.

    කිලෝග‍්‍රෑම් 105 ට අඩු බර පංතියෙන් තරග කළ රන්සිළු ජයතිලක මෙම තරගාවලියේදී ඩෙඩ් ලිෆ්ට් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 305 ක් ඔසවා නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්විය. මෙහි පෙර වාර්තාව කිලෝග‍්‍රෑම් 285 ක් වන අතර එය ජපන් ක‍්‍රීඩකයකු සතුව තිබිණ.

     

    රන්සිළු ජයතිලක සිය බර පංතියේදී ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 700 කි. බර ඉසිලීමේ දකුණු ආසියානු පදක්කම් ලාභියකුද වන රන්සිළු, මේ වන විට පවර් ලිෆ්ටින් තරග සඳහා සහභාගි වෙයි.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයීය පවර් ලිෆ්ටින් තරගාවලියකට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් සහභාගි වූ පළමු අවස්ථාව මෙය වේ. රටවල් 24කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 329දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වූහ.

     

    ඔලිම්පික් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල වලට පවර් ලිෆ්ටින් ක‍්‍රීඩාව ඇතුළත් නොවුවද, පවර් ලිෆ්ටින් කී‍්‍රඩාවේ දී ලෝක ශූරතාවලිය ඇතුළු අන්තර්ජාතික තරගාවලි රැසක් සංවිධානය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya