41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මේස පන්දු තරග සඳහා ලියාපදිංචි කටයුතු අද (04) ප.ව. 2.00 සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නව නේවාසිකාගාරයේදී සිදු කෙරේ.
මෙවර පළාත් 09 න්ම ක්‍රීඩිකාවන් 90 දෙනෙකු ජාතික මේස පන්දු ශූරතාවය සඳහා තරග වදිනු ඇත.
ත්‍යාග සහ කුසලාන ප්රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (06) ප.ව. 3.00 ට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.