අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් උත්තේජක භාවිතය වලකන්න දැනුවත් කිරීමේ ජාතික වැඩ සටහනක්

    නොවැම්බර් 17, 2015
    තහනම් උත්තේජක භාවිතය  ක්‍රීඩා ක්ෂේත්‍රය තුලින් මුලිනුපුටා දැමීමේ අරමුණින් සමාජය දැනුවත් කිරීම සදහා  ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනය ජාතික මාධ්‍ය වැඩ සටහනක් සහ පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මෙම පා ගමන මෙම මස  21 වන දින පෙ.ව. 07.00 ට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  නව කලා භවන අභියසින් ආරම්භ වීමට නියමිතය.
     
    කොළඹ ,ආනන්ද කුමාරස්වාමි මාවතේ නව කලා භවන අභියසින් ඇරඹෙන මෙම පාගමන එතැන් සිට නෙලුම් පොකුණ මංසංධිය වෙත පැමිණ එතැනින් නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණිමට නියමිතය. නිදහස් චතුරශ්‍රයේදී මෙහි සැමරුම් උත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි ඉදිකොට ඇති තහනම් උත්තේජක භාවිතයෙන් තොරව නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ  ක්‍රීඩා කිරීමේ වැදගත්කම විදහා දැක්වෙන දැවැන්ත ප්‍රමාණයේ  මාධ්‍ය පුවරුවක්ද විවෘත කිරීමට නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya