නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වන එක්දින තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

    නොවැම්බර් 08, 2015
    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 19ක ජයක් හිමිකරගනැමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූහ.
     
    තරගය ඊයේ (07)  දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙත ලබා දුන්නේය.
     
    පැවැති වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 36කට සීමා වූ අතර කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 36 අවසානයේ දී කඩුළු නවයක් බිඳවැටී ලකුණු 206ක් ලබාගැනීමට සමත්වූහ. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කණ්ඩායම පන්දු වාර 32 පන්දු 3ක් අවසානයේ දී කඩුළු පහකට ලකුණු 180ක් ලබා සිටියදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 19ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
     
    මෙම තරගාවලිය 3නට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූහ.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya