අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් සංචාරය අරඹයි

    මැයි 21, 2014

    එංගලන්තය සමඟ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති එකම විස්සයි20 තරගය ලකුණු 9කින් ජයගන්නට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත්වූහ.


    කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විස්සයි20 තරගවලින් සමුගැනීමෙන් අනතුරුව පැවති පළමු තරගයේදීම ලකුණු 9ක ජයග්‍රහණයක් වාර්තාකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි ව තිබේ.


    පන්දු 20කදී ලකුණු 49ක් රැස්කර දුන් තිසර පෙරේරා තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ඔහුගේ ලකුණු 49ට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඇතුළත් විය.


    කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 183ක් රැස් කළහ. ලහිරු තිරිමාන්න 40 (පන්දු 32; 4-3; 6-1), කිත්රුවන් විතානගේ 38 (26; 4-7).


    ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි එංගලන්ත පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 174ක් පමණි. නායක ලසිත් මාලිංග පන්දුවාර 4කදී ලකුණු 28කට කඩුලු 3ක් තබාගත්තේය.


    තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන බ්‍රහස්පතින්දා (22) ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya