අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්තයට හමුදාවෙන් 'යුද නීතිය' පනවයි

    මැයි 21, 2014

    රජයට විරුද්ධ කණ්ඩායම් ගෙන යනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා වීදි බසිමින් තිබෙන නිසා එහිදී මහජනතාව ඝාතනවලට හෝ අනතුරුවලට පත්වීම වළක්වාලීම සඳහා යුද නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව තායිලන්ත යුද හමුදාව පවසයි.


    තායිලන්ත රජය දූෂිත පරිපාලනයක් පවත්වාගෙන යන බව කියමින් විරෝධතා දැක්වීම දිනෙන්දින ඉහළ යමින් පැවතිණි.


    ඊයේ (20) තායිලන්තයේ යුද නීතිය ක්‍රියාත්මක කරන ලද අතර යුද හමුදාව බැංකොක් අගනුවර සහ අනෙකුත් ප්‍රධාන නගරවල සිය මුර සංචාරක කටයුතු ආරම්භ කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.


    අග්‍රාමාත්‍ය යින්ලක් ශිනවත්‍රා මැතිනියට එරෙහිව කෙරෙන විරෝධතා උත්සන්න වන විට යුද හමුදාව ඒකපාර්ශවිකව යුද නීතිය ක්‍රියාත්මක කර තිබේ. පොදුජනතාවගේ ආරක්ෂාව සඳහා පමණක් හමුදානීතිය ක්‍රියාත්මක කළ බව තායි යුද හමුදාව අධාරණය කර තිබේ.


    කෙසේ වෙතත් මේ වනවිට පොදු මහාමාර්ග සන්නද්ධ යුදරථ යොදා අවහිර කර ඇත. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන ආයතන ද වසා දමා ඇත.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව පවසමින් තායිලන්ත ව්‍යවස්ථාපිත අධිකරණය අගමැති ශිනවත්‍රා මහත්මිය තනතුරින් ඉවත්කිරීමට පසුගිය මැයි 07 වැනිදා තීරණය කළේය.


    තමා නීතියට පටහැනි කිසිවක් ම සිදු නොකළ බව ශිනවත්‍රා මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය. රටේ සුබසිද්ධිය උදෙසා පරිපාලන කටයුතු කරමින් තම රාජකාරිය ඉටුකළේ යැයි ඇය එහිදී පවසා සිටියාය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya