අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සම්මේලනය හෙට

    මැයි 18, 2014

    67 වන ලෝක සෞඛ්‍ය සම්මේලනය හෙට (19) ආරම්භ වීමට නියමිතය.


    සමුළුව ලබන 24 වෙනි දින දක්වා පැවැත්වෙනු ඇත. ඉදිරි වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීම, නිලධාරීන් පත්කර ගැනීම සහ ප්‍රතිපත්ති තීරණ ගැනීම ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සිදු කෙරෙන කාර්යයන් වේ.


    මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අද (18) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අතර ඔහු සමුළුව ඇමතීමට නියමිතය.


    අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවත් ජී15 කණ්ඩායමේ අමාත්‍යවරුන්ගේ සැසියත් අද පැවැත්වීමට නියමිතව තිබේ. ජී15 කණ්ඩායමේ අමාත්‍යවරුන්ගේ සැසියේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya