මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව එළිමහන් වොලිබෝල් ක්‍රීඩාංගණය සහ කෞතුකාගාරය විවෘත කරයි

    ජූලි 09, 2015
    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 12 වන සේනාංක මූලස්ථානයෙ හි නවතමයෙන් ඉදිකරනු ලැබූ එළිමහන් වොලිබෝල් ක්‍රීඩාංගණය සහ කෞතුකාගාරය පසුගියදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා විවෘත කරනු ලැබීය. 
     
    ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ අදහසකට අනුව එම නව වොලිබෝල් ක්‍රීඩාංගණය ඉදිකෙරිණි. 
     
    නව වොලිබෝල් සංකීර්ණයත් සමඟ ඉදි වූ කෞතුකාගාරයෙ හි ඵෙතිහාසික තොරතුරු රැසක් ප්‍රදර්ශණය සඳහා තැන්පත් කොට ඇති අතර එදින රිටිගල අංගම් සටන් කලාව හා සම්බන්ධ නර්ථන අංග කිහිපයක් ද ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරනු ලැබීය. 
     
    එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක් පැවැත්වුණු අතර එහි කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි. 
     
    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මහතා සමඟින් සේනාංකාධිපතිවරු, බල සේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සෙසු නිලයන් සහ අවට පාසල්වල සිසුහු මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීහු, ශිෂ්‍ය නිලධාරීහු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ බොහෝ පිරිසක් ද සහභාගී වූහ. 
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya