මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය රජ පවුලට නව කුමරියක්

    මැයි 03, 2015

    බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එක් වූ නව සාමාජිකාව අද (02) මෙලොව එළිය දුටුවාය. ඒ කේම්බ්‍රිජ් ආදිපාදිවරිය වන කේට් මිඩ්ල්ටන් කුමරියට එරට වේලාවෙන් පෙරවරු 8.34 ඇයගේ දෙවන දරුවා ලෙස දියණියක් ප්‍රසූත කිරීමයි.

    ලන්ඩන් නුවර ශාන්ත මරියා රෝහලේ දී උපන් රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකාවගේ උපත් බර කිලෝ ග්‍රෑම් 3.6ක් බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

     

    අවුරුද්දයි මාස 9ක් වයසැති ජෝර්ජ් කුමරු සිය පියා වන විලියම් කුමරු සමඟ නැඟණිය බැලීමට රෝහලට පැමිණ ඇති බවත් එහිදී ජනතාව අමතා තමන් ඉතාමත් සතුටට පත්ව සිටින බව විලියම් කුමරු පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

     

    අලුත උපන් කුමරිය එලිසබෙත් රැජිණගේ පස්වන මිණිපිරිය වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya