අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා එහි මහලේකම්වරයාට අක්තපත්‍ර භාර දෙයි

    අප්‍රේල් 24, 2015
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා ඊයේ (22) පැවති උත්සවයකදී  එම සංවිධානයේ මහලේකම්වරයා බන් කී මූන් මහතා  වෙත සිය අක්තපත්‍ර භාර දුන්නේය.
     
    නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවති එම අවස්ථාවෙන් පසු ව නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා සහ මහලේකම්වරයා දෙපාර්ශවයට ම අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ ව සාකච්ඡා කළහ. මේ හමුව ඉතාමත් සුහද හා උණුසුම් ලෙස පැවතිණි.
     
    ආචාර්ය රොහාන් පෙරේරා මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සාදරයෙන් පිළිගත් මහලේකම්වරයා, ශ්‍රී ලංකාවේ නව රජයේ ප්‍රතිපත්ති හේතු කොට ගෙන ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ජාත්‍යන්තර ප්‍රජාවත් අතර වඩාත් පුළුල් සහයෝගිතාවකට අවශ්‍ය ධනාත්මක වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිණිස නව නිත්‍ය නියෝජිතවරයා දරන ප්‍රයත්නයන්ට තමාගේත් තම කාර්ය මණ්ඩලයේත් පූර්ණ සහය ලබා දෙන බවට මහලේකම්වරයා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
     
    ආචාර්ය පෙරේරා මහතා නව තනතරට පත්වීමට පෙර වසර 30කට අධික කාලයක් විදේශ කටයුතු අමාත්‍යාශයේ නීති උපදේශකවරයා ලෙස කටයුතු කළේය.
     
    ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පියවර පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ වර්තමාන සභාපතිත්වය දරන ආචාර්ය පෙරේරා මහතා 2007 සිට 2011 දක්වා ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජිකයෙක් ද විය.
     
    ඔහු 2010 මැයි මසදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයෙකු ‍වශයෙන් ද පත් කර තිබුණි. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya