අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ෆොක්ස් හිල්" සුපර් ක්‍රොස් - 2015 අද

    අප්‍රේල් 18, 2015
    වසරේ දැවැන්ත ම මෝටර් රථ තරගාවලිය වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2015 තරගාවලිය අද (18) දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේ දී පැවැත්වේ.
     
    කිලෝමීටර් 2ක දිගින් යුත් මෙම ධාවන පථයයේ දී මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 23වැනි වරටය.  ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා ධාවකයන්ගේ සංගමය හා (SLADA)ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
     
    ඒ අනුව මෝටර් රථ ධාවන තරග 12ක් සහ යතුරුපැදි ධාවන තරග 12කින් සමන්විත වන මෙම මෙවර තරගාවලියේ මෝටර් රථ තරග එන්ජින් ධාරිතාවය 3500 cc හා 1600 cc ලෙසත් යතුරුපැදි ධාවන තරග එන්ජින් ධාරිතාවය 125 cc හා 250cc  ලෙසත් වේ. 2014 වසරේ දෙසැම්බර් මසට වයස අවුරුදු 16 සපිරෙන ළමයින් සඳහා එන්ජින් ධාරිතාවය 85 cc ලෙසත් වර්ග කර ඇත. 
     
    මෙම වසරේ දී යතුරුපැදි ධාවනකරුවන් 130ක්, මෝටර් රථ ධාවකයන් 90ක් මේ සඳහා සහභාගිවීමට නියමිත අතර Huawei Technologies සමාගම විසින් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙනු ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya