මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මොනරාගල පාපැදි සවාරිය අප්‍රේල් 19 වැනිදා

    අප්‍රේල් 06, 2015

    අවුරුදු 18ට වැඩි ඌව පළාතේ ක්‍රීඩකයන්ට පමණක් සහභාගි විය හැකි ‘මොනරාගල පාපැදි සවාරිය’ ලෙසින් නම් කර ඇති පාපැදි තරගයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

     

    මෙම පාපැදි තරගයේ දුර කිලෝ මීටර 120කි. පෙරවරු 8.00ට තණමල්විල නගරයෙන් ආරම්භ වන තරගය වැල්ලවාය, මොනරාගල හරහා බිබිල නගරයට පැමිණ අවසන් වෙයි.

     

    තරගයේ ප්‍රථම ස්ථානය සඳහා මුදලින් රුපියල් 25,000ක් ප්‍රදානය කෙරෙන අතර මීට අමතරව පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා බයිසිකල් ද පිරිනැමෙනු ඇත.

     

    තරගයේ පළමු දස දෙනාට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර පළමුවැන්නා සිට විසිවැන්නා දක්වා සියලුම තරගකරුවන්ට සහතික පත් ප්‍රදානය කෙරෙනු ඇත.

     

    අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය සංවිධානය කරන මෙම පාපැදි තරගය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙහෙයවනු ලබයි.  තරගය සඳහා තමන් විසින්ම සකස් කරගත් අයැදුම් පත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය හෝ මොණරාගල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට එවන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya