කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සඵලදායී විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන මාතර දිස්ත්රික් කෘෂිකර්ම කමිටුවේ 2014 වර්ෂයේ අවසන් රැස්වීම මාතර දිස්ත්රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් හෙට (09) පෙ.ව. 9. 30ට මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේදී පැවැත් වේ.
මේ අවස්ථාවට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ රාජ්ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
MAP/TI/dmu_matara