මාල දිවයින් හි ප්‍රධාන ජල පිරිපහදුව අකර්මණ්‍ය වීම හේතුවෙන් මාල දිවයින් අගනුවර මාලයේ හි වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටිති. පානය ජලය මූල නොමැතිවීම නිසා එරට රජය මුහුදු ජලය පිරිපහදු කිරීමෙන් පානීය ජලය ලබා ගැනීම සිදු කරයි.
මෙට්රික් ටොන් 5.8ක් බරැති පානීය ජල බෝතල් තොගයක් ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගුවන් යානයකින් මාල දිවයින් වෙත යැවීමට රජය කටයුතු කර ඇත. මාල දිවයින් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් නීල් ඩයස් මහතා විසින් මාල දිවයින් ආරක්ෂක හා ජාතික සුරක්ෂිතා ඇමති කල්නල් (විශ්‍රාමික) මොහොමඩ් නසීම් මහතා වෙත මෙම පානීය ජල බෝතල් තොගය භාර දෙන ලදී. මෙම අවස්ථාවට මාල දිවයින් හි මැතිඇමතිවරුන් රැසක් සහභාගී වූ අතර මෙම සහනාධාරය භාර ගත් පසු මොහොමඩ් නසීම් අමාත්‍යවරයා මේ හදිසි අවස්ථාවේ මාල දිවයින් ජනතාවට ඉතා ඉක්මනින් සහය දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තූතිය පළ කළේය.
විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රීලංකන් ගුවන්සේවය සමඟ එක්ව තවත් පානීය ජල බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මාල දිවයින් වෙත යැවීමට කටයුතු සූදානම් කරයි.
මුදල් අය කිරීමකින් තොර ව මෙම ජලය මාල දිවයින් ජනතාව අතර බෙදා දීමට නියමිතය.
මාල දිවයින්වලින් ශ්‍රී ලංකාවෙන් තවදුරටත් සහය ඉල්ලා සිටින්නේ නම් වහා ම එය සිදු කිරීමට රජය සූදානම්ව සිටී.