නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රහලෝකාගාර දර්ශන ඩිජිටල් තාක්ෂණයෙන් ඇර‍ඹේ

    දෙසැම්බර් 07, 2014

    නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගෝලීය දර්ශන නැරඹීමට හැකිවන ලෙස නවීකරණය කරනු ලැබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සිකුරාදා (05) පෙරවරුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් ධාරා විජයතිලක මහත්මියගේ ආරාධනයෙන් විද්‍යා කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පී. ඩබ්ලිව්. ඈපාසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැරඹුම් දර්ශන සඳහා විවෘත කෙරිණි.

     

    මෙතෙක් ක්‍රියාත්මක වූ ඇනලොග් තාක්ෂණයෙන් ඉවත් වී ඩිජිටල් ගෝලීය ප්‍රක්ෂේපණ යන්ත්‍රවලින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීකරණය කර තිබේ.

     

    මෙම නව තාක්ෂණය මඟින් විශ්වයේ විවිධ අවස්ථා හා සිදුවීම් දර්ශනය කළ හැකි අතර තාරකා විද්‍යාව පමණක් නො ව නොයෙක් අධ්‍යාපනික වැඩසටහන් ඕනෑ ම වයසකට සරිලන පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

     

    දිනක, සතියක, මාසයක, වසරක හෝ වසර දස දහස් ගණනක අහස ග්‍රහලෝකාගාරය තුළ දර්ශනය කළ හැකි අතර අක්ෂාංශ හා දේශාංශ වෙනස් කිරීමෙන් ඕනෑම රටකට ඕනෑම වෙලාවක පෙනෙන අහසක් ග්‍රහලෝකාගාරය තුළ සිට දැකබලා ගැනීමට නව තාක්ෂණය ඔස්සේ හැකියාව ලැබේ.

     

    මහජනතාව උදෙසා 2014 දෙසැම්බර් මස 09 වන දින සිට නැරඹුම් දර්ශන ආරම්භ කෙරෙන අතර පෙ.ව. 10.00ට හා ප.ව. 2.00ට දර්ශන පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන 570ක පහසුකමින් යුක්ත වන අතර සතියේ අඟහරුවාදා දින සිට සිකුරාදා දිනවල පෙ.ව. 10.00ට, ප.ව. 2.00ට හා ප.ව. 4.00ට පාසල් දර්ශන පැවැත්වේ. ඉරිදා සඳුදා හා රජයේ නිවාඩු දිනවල ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා තැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya