මේ ස්ථානයන් හි ගුවන් පාලම් ඉදිකිරීමේ ඇති අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ද හඳුනාගනු ලැබ ඇත. රථවාහන තදබදය අඩු කිරීම, අනතුරු අවම කිරීම සහ ඉහළ රථවාහන මෙහෙයුම් පිරිවැය අඩුකිරීම යන කාර්යයන් සඳහා රාජගිරියෙහි ගුවන් පාලමක් ඉදිකිරීම ඉක්මනින් සිදු කළ යුතු ව ඇත.
විශේෂයෙන් දුම්රිය හරස් මාර්ගයන් හි ගේට්ටු නිතර නිතර වැසීම හේතු කොට ගෙන මාර්ග භාවිත කරන්නන් විසින් මුහුණපානු ලබන දීර්ඝ ප‍්‍රමාදයන් වැලැක්වීම පිණිස ගණේමුල්ල සහ පොල්ගහවෙල ගුවන් පාලම් ඉදිකිරීමට ද රජය ඉදිරියේදී පියවර ගනු ඇත.
NDH