මීට වසර 12කට පෙර වැසී ගිය හෝමාගම කිරිගම්පමුණුව කනිෂ්ඨ විද්‍යාලය නැවත විවෘත කිරීම සඳහා මෙම ඉදිකිරීම් සිදු කරන අතර මේ සඳහා රුපියල් මිලියන 20ක් වැය කෙරේ. මෙම ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනික ගුණාත්මකභාවය තහවුරු කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කොළඹ රාජකීය විද්‍යාලයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය. මෙම පාසලට ඇතුළත් කරන දරුවන්ට කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවන්ට ලැබෙන ප්‍රාථමික අධ්‍යාපන පහසුකම් සැලැස්වීමට කටයුතු කරනු ඇත.
පන්ති කාමර, ළමා ක්‍රියාකාරම් කාමරය, ආරක්ෂිත වැට, ළමා සෙල්ලම් මිදුල යනාදී ප්‍රාථමික පාසලක් සඳහා අවශ්‍ය සියලු අංගෝපාංගවලින් සමන්විතව මෙම පාසලේ ඉදිකිරීම් සිදු කෙරේ.
NDH/kpm