නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට නොබෙදපු නායකයාගේ නාමයෙන් අපි ලෝකයාට තීන්දුවක් දෙමු.

    දෙසැම්බර් 01, 2014
    ජනවාරි 09දා CNN නාලිකාව බලන විට බැරැක් ඔබාමා මහත්තයාට ඇහෙන්න අපි අපේ ජාතික නායකයා ආරක්‍ෂා කළා, කියන පණිවිඩය ලබා දෙමු. එය ජාතියේ නාමයෙන් සියලු දෙනා එක් ව කළ යුතු මහා පිංකමක් බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (30) අකුරැස්සේ දී ප‍්‍රකාශ කළේය.
     
    ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අකුරැස්ස ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරු ව පැවති උත්සවයේ දී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීය. "ඉතාම ගෞරවනීය ආකාරයට මේ මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් කරනු ලැබූ කැපවීම සම්බන්ධයෙන් මනෝජ් සිරිසේන මහතා ඇතුළු අකුරැස්ස ශ‍්‍රීලනිප බලමණ්ඩලයට ප‍්‍රණාමය පුද කරනවා. මේ වන විට ජනාධිපතිවරණය නිමිත්තෙන් මාතර දිස්ත‍්‍රික්කයේ සියලු මැතිවරණ කාර්යාල විවෘත කර අවසන්. දෙසැම්බර් 08 වන විට සියලු ම ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිද්දෙන් කාර්යාල විවෘත කිරීම අවසන් කිරීමටත් ජාතික මැතිවරණ කමිටුව තීරණය කර තිබෙනවා".
     
    "අතිගරු ජනාධිපතිතුමා, මේ මැතිවරණය තියන්න තීරණය කළේ එතුමාට තව වසර දෙකක් සියලු බලතල සහිත ව ජනාධිපති ධූරයේ  සිටීමට හැකියාව තිබියදියි. එතුමාගේ පාලනය පිළිබඳ ව ජනතාවගේ කැමැත්ත සහ ජාත්‍යන්තර වටලෑමට එරෙහි ව ජාතියෙන් පිළිතුරක් එතුමා බලාපොරොත්තු වෙනවා. ඒ අනුවයි, අපේ කැලැන්ඩරයට මෙම මැතිවරණය ඇතුල් වෙන්නේ. ලෝකයේ ජනාධිපතිවරයෙක් තියා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක්වත් තමන්ගේ ධූර කාලයට කලින් මැතිවරණ තියන්නේ නෑ. අපට තිබෙන්නේ මැතිවරණ කල් දමපු ඉතිහාසයක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනමත විචාරණයක් මගින් මැතිවරණ කල් දැම්මා අපට මතකයි". 
     
    "මැතිවරණ යනුවෙන් හඳුන්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිතුරා මැතිවරණයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හතුරා ත‍්‍රස්තවාදයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරු බලවේග ඉන්දියන් සාගරයෙන් එහා මේ වන විට ඒකරාශී වෙමින් සිටිනවා. 2005 දී ඔබ එතුමාට බලය දුන්නා. රට නිදහස් කර ගැනීමයි එතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වුණේ. 2010 දී එතුමා නූතන ශ‍්‍රී ලංකාව ගොඩනැගීමට පොරොන්දු වුණා. ඒ නූතනත්වයට පිංසිදුවෙන්න අද අපි අකුරැස්සේ සිට කොළඹට පැය 1 1/2න් යනවා".
     
    බටහිර බලවේගවලට අවශ්‍ය වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගෙදර යැවීමට බවත් ඒ මහින්ද මහත්තයා ඔවුන්ට අවනත නොවීම නිසා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, දකුණු පළාත් සභා මන්ත‍්‍රී මනෝජ් සිරිසේන, අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya