අමාත්‍යවරයා එම අදහස් පළ කර සිටියේ තුන්වෙනි අදියර යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය සේවයේ නියැළි ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරු පැදි 1300ක් බෙදාදීම වෙනුවෙන් අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීය. "රාජ්‍ය සේවකයන්ට කලට වේලාවට සේවා ස්ථානයට යෑමටත් ජනතා අවශ්‍යතා ඉටුකිරීම සඳහා ග‍්‍රාමීය ප‍්‍රදේශ කරා යාමටත්, ප‍්‍රවාහන පහසුකම් සලසා දීම උදෙසා ජනධිපතිතුමා විසින් යතුරු පැදි ලබා දීම සිදු කරන ලදී. ඉන් පසු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සම්බන්ධ කරගෙන කරන ලද කරුණු විමසීමේ දී යතුරු පැදි ලබා දීමෙන් පසු රාජ්‍ය සේවය කාර්යක්‍ෂම වී ඇති බව සනාථ වී ඇතැයි පැවසීය. ලොව බොහෝ රාජ්‍යයන් රාජ්‍ය සේවය ක්‍ෂය කරමින් සිටින යුගයක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවය බලවත් කොට ජනතා සේවය උසස් මට්ටමකට පත් කර ඇත. රාජ්‍ය සේවකයාට ජනාධිපතිතුමා විශාල සේවයක් කර ඇති අතර රාජ්‍ය සේවකයා ද මැතිවරණවල දී 80%ක සහයෝගයක් ජනාධිපතිතුමාටත් රජයටත් ලබා දෙමින් සිටින බවත් යුද්ධය නිමා කොට රට ගොඩනගමින් සිටින ජනාධිපතිතුමාට පක්‍ෂ, ජාති, ආගම් භේදයන්ගෙන් තොර ඉදිරි මැතිවරණයේ දී අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාදීම ජනතාවගේ අරමුණ බව ද" කීය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, කාන්තා කටයුතු හා ළමා සංවර්ධන අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහත්වරු සහභාගී වූහ.
NDH