නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 4ක් සිසු අයිතියට

    නොවැම්බර් 27, 2014

    මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 4ක් සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරිණි.


    සීදූව දවිසමර මහා විද්‍යාලය, සීදූව, රද්දොළුගම ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසල, කටුනායක ආඬිඅම්බලම මහා විද්‍යාලය, මීගමුව, කිඹුලාපිටිය මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර මෙදින විවෘත විය.

    එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, උසස් පෙළ විද්‍යාගාරයක්, ගණිතාගාරයක් සහ දුරස්ථ අධ්‍යාපන සඳහා නැණස ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබේ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya