නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ඉ-රාජ්‍යයක්’ සඳහා රාජ්‍යය අංශයට ඉ-නායකත්ව සංවර්ධන පුහුණුවක්

    නොවැම්බර් 27, 2014

    ‘ඉ-රාජ්‍යයක්’ සඳහා අවශ්‍යය රාජ්‍යය අංශයේ මානව සම්පත සවි බල ගැන්වීමේ  තවත් අදියරක් මේ වන විට   ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ප්‍රකාශ කළේය.

    ‘‍‍ඉ- නායකත්ව සංවර්ධනය‘ තේමා කර ගනිමින් මෙය ක්‍රියාවට නංවා තිබෙන බව නියෝජිතායතනය කියා සිටියේය.

     

    මේ යටතේ රාජ්‍ය ආයතනයන්හි කාණ්ඩ දෙකකට අයත්  නිලධාරීන් සඳහා මෙම ඉ-නායකත්ව සංවර්ධන පුහුණුව ලබා දීමට සැලසුම් කර ඇත.

     

    මේ අනුව රාජ්‍ය ආයතනයන්  තුළ ‍ඉ-රාජ්‍ය සංකල්පය යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය පුහුණුව මෙම නිලධාරීන්ට මෙහිදී ලබා දෙනු ඇත.

     

    පුහුණුවේදී ලබා ගත් මෙම දැනුම රාජ්‍ය ආයතනයේ සෙසු නිලධාරීන්ට ලබාදීම, ඉ-රාජ්‍යයට සුදුසු පසුබිම රාජ්‍ය ආයතනයක් තුළ නිර්මාණය කිරීම ඒ අනුව කාර්යක්ෂමව මහජන සේවාවන් සිදු කිරීම ආදී කටයුතු මෙම‍‍ ඉ- නායකත්ව සංවර්ධන පුහුණුව ලබන නිලධාරීන්ට පැවරෙනු ඇත.

     

    රාජ්‍ය නිලධාරීන් දෙසීයක‍ට පමණ මෙම පුහුණුව ලබා දීමට නියමිත බවද නියෝජිතායතනය පැවසීය.

     

    විශිෂ්ට ලෙස මහජන සේවා සැපයීම සඳහා තොරතුරු තාක්‍ෂණය භාවිත කරන රටවල් අතරින් ශ්‍රී ලංකා‍ව දකුණු ආසියාවේ මුල් තැනට පත්වී තිබෙන බව 2014  එක්සත් ජාතීන්ගේ ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාව පසුගියදා  අනාවරණය කර තිබු බවද නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya