නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ මෙන් ම වර්තමානයේත් රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණ තිබෙනවා

    නොවැම්බර් 26, 2014
    ඉතිහාසයේ මෙන් ම වර්තමානයේත් රට අස්ථාවර  කිරීමේ කුමන්ත්‍රණ පවතින බවත්, ඊට එරෙහි ව ජනතාව එක හඬින් පෙළගැසීම රටට මහා ශක්තියක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ (25) ඇහැලියගොඩ නගරයේ ඉදි කළ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    එහිදී අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, කොටි සංවිධානයට රට ලිඛිත ව පවරාදුන් රනිල් වික්‍රමසිංහ මහතා, රටේ අගමැති කරන්න, මෛත්‍රීපාල සිරිසේන මහතා ඉත්තෙක් ලෙස යොදාගෙන ඇති බවයි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, "මේ බලයට ගේන්න හදන්නේ කාවද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක අගමැති කරනවා කරනවාමයි කියලා. දැන් මොකක්ද කරන්න යන්නේ ? මේ මව්බිම  ප්‍රභාකරන්ට ලිඛිත ව ගිවිසුමකින් පවරාදීපු රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත බලයට ගේන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉත්තෙක් වෙලා ඉන්නවා".
     
    "රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ මොනවද කළේ ?. 2002 දී එතුමා චක්‍රලේඛයක් ගැහුවා රාජ්‍ය සේවයට කිසිවෙක් බඳවා ගන්න එපා කියලා. එක්සත් ජාතික පක්ෂයේ කාටද රැකියා ලැබුණේ?. කිසි ම දෙයක් කළේ නැහැ. ග්‍රාමීය සංවර්ධනය අඩපණ වෙලා තිබුණේ. ලයිට් දුන්නද?. පාසලක වැසිකිලියක්, කැසිකිළියක් හැදුවද?. ස්වයං රැකියා ආධාරයක් දුන්නද?. අපි මේ සතුරා තේරුම් ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ නැවත බලයට ආවොත් මොකද වෙන්නේ කියන එක තේරුම් ගත යුතුයි. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පොඩි මිනිහාගේ දුක දන්න, ගමේ කෙනෙක්. ගමට පාරක් හදන්න, ගමට විදුලිය දෙන්න, ගමට හොඳ ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න ක්‍රියාකරන්නේ, ගමේ තියෙන ප්‍රශ්න එතුමා තේරුම්ගෙන තිබෙන නිසයි". 
     
    "ලංකාවේ ඊළම හදන්න, යුද්ධය හදන්න ජාත්‍යන්තරව යන කුමන්ත්‍රණයේ එකක් තමයි මානව හිමිකම් කවුන්සිලයට ගෙනත් යෝජනා කරන්නේ ලංකාවේ යුද අපරාද සිදුවුණා කියලා. දැන් මේකට ලංකාවේ රූකඩයක්  ඕන. ඉන්න රූකඩේ හිතනවා වැඩේ අපහසුයි කියලා.  ඒ නිසා ගේනවා හොඳ ම විකල්පය. ගිය ඡන්දෙදි ගෙනාවා යුද පෙරමුණේ හිටපු සරත් ෆොන්සේකා. ජනාධිපතිතුමාට විරුද්ධ ව යුද වීරයා කියලා ගෙනාවේ. ඒ වෙලාවේ පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනෙව්වා වැඩි ඡන්ද දහඅට ලක්ෂයකින්".
     
    "දැන් ඊළඟට ගේන්න හදනවා, මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. සරත් ෆොන්සේකාට නම්, යුද්ධයේ හිටිය නිසාවත් ඡන්දයක් දෙනවා. මෛත්‍රිපාල මහත්තයා මොනවා කළා කියල ද ඡන්දෙ දෙන්නේ. මිනිස්සු මොනවටද ඡන්දය දෙන්නේ. මෙයා ඇවිත් කියනවා. මං රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක බලතල සහිත අගමැති කෙනෙක් කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාවේ කතාකරයි. හැබැයි කෝ සිරිසේන මහත්තයාගේ මැතිවරණ යාන්ත්‍රණය?". 
     
    "ජනාධිපතිතුමාට වඩා ගව් ගණනක් පිටිපස්සෙන් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි අපි හැමෝගෙම නායකයා. ඒක මේ රටේ පොදු ජනතාව තේරුම් අරන් තියෙනවා" යැයිද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසිය. 
     
    මෙම අවස්ථාවට භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කර, පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමි, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා සභාපති සරත් සන්දනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya