මෙසේ ඉඩම් ලබාදිය යුතු පිරිස් නිවැරදිව හඳුනාගැනීම, අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණය වතු සමාගම්වලින් වෙන්කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් එම ඉඩම් පරීක්‍ෂා කොට නිර්දේශ කිරීම, නිවාස ඉදිකිරීම් ක‍්‍රියාත්මක කිරීම, නිවාස ඉදිකිරීම සඳහා රජයේ ආධාර, ඉන්දියානු නිවාස ආධාර හෝ වෙනත් ප‍්‍රතිපාදන ලබාගැනීම වැනි කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණි.
බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, වැවිලි මානව සංවර්ධන භාරයේ බදුල්ල ප‍්‍රාදේශීය අධ්‍යක්‍ෂ අනුර ඒකනායක, බල සේනාධිපති - ශ‍්‍රී ලංකා යුද හමුදාව බි‍්‍රගේඩියර් සෙනෙවිරත්න, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (ආපදා අවම කිරීම්) අනෝජා වීරසිංහ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ හා නායයාම් පාලන අංශ ප‍්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම්වරු, වැවිලි සමාගම් ප‍්‍රධානීන් හා අදාළ සියලු රාජ්‍ය අංශ ප‍්‍රධානීහු ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
DB/SH_dmu_badulla