මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට ජල ටැංකි 150ක්

    සැප්තැම්බර් 17, 2014


    පදවිය, මහ විලච්චිය, කහටගස්දිගිලිය හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට  පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ජල ටැංකි ලබාදීම පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  සිදු කෙරිණි.


    මේ  සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ප්ලෑන් ශ්‍රී ලංකා  ආයතනය යි. මෙහිදී  ලබාදෙන ලීටර් 1000හේ  ජල ටැංකි සංඛ්‍යාව 155කි. ඊට වැය කර ඇති මුදල රුපියල් දාහත් ලක්ෂ අසු දෙදහසක් වේ. එම ජල ටැංකි ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය වෙතින් සංකේතාත්මකව භාර ගනු ලැබුවේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා විසිනි. මීට අමතරව බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙළ ද අඛණ්ඩව සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. 


    මේ අතර  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ප්‍ර‍දේශවල පවුල් 50,000ක් සඳහා අල කිලෝ ග්රෑම් 250,000ක ප්‍රමාණයක් බෙදාදීමට ද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් කටයුතු යොදා තිබේ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya