මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව නියඟයෙන් 234,062ක් පීඩාවට

    සැප්තැම්බර් 17, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් ඊයේ (16) වන විට පුද්ගලයන් 234,062 දෙදෙනෙකු පමණ පීඩාවට පත්ව ඇති බවට වාර්තා වන බවත් ඔවුන්ට අවශ්‍ය පානීය ජලය සැපයීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙන් කඩිනමින් හා අඛණ්ඩ ව සිදු කෙරෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.


    මේ අතර විශේෂයෙන් ම පාසල් 47ක් මේ නියඟ තත්ත්වයේ බලපෑමට ලක් ව ඇති බව සඳහන් කරන නානායක්කාර මහතා මේ පාසල්වලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාවට නංවා ඇතැයි කීය. මැදිරිගිරිය, ලංකාපුර සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි පාසල් නියඟයේ වැඩි බලපෑමට ලක් ව ඇතැයි ද ඔහු කීය.


    මෙසේ පීඩාවට පත් ව ඇති සමස්ත ජනතාව වෙත ම පානීය ජලය සැපයිය යුතු තත්ත්වයේ පවතින බවත් ඔවුන්ට රාජ්‍ය, පෞද්ගලික අංශ හා රාජ්‍ය නොවන සංවිධානවල ඒකාබද්ධතාවෙන් ක්‍රියාකාරී සැලැස්මකට අනුව පානීය ජලය බෙදා හැරීමේ කටුයුතු ක්‍රියාවට නංවා ඇතැයි ද ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya