මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞරුෂ අක්‍රමිකතා නිසා රෝගාබාධ වැඩිවීමේ අවදානමක් තිබෙනවා

    සැප්තැම්බර් 17, 2014

    විවිධ මානසික පීඩනයන්ට ලක් වීම හා පාරිසරික හේතු මත  පෞරුෂ අක්‍රමිකතාවලට ලක්වන්නන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවත්නා  බවත් ඒ හේතු කොටගෙන මැදි වයස්වල පසුවන්නන් බරපතළ රෝගබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ස්නායු වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවසයි.


    ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් උදෙසා පැවති සුව දිවි සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනට සහභාගී වෙමිනි.

    වැඩිහිටි පුද්ගලයන් පෞරුෂ අක්‍රමිකතාවලින් පෙළීමට ප්‍රධාන හේතුව ඔවුන් ළමා කාලයේදී විවිධ මානසික පීඩනයන්ට ගොදුරුවීම බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. වයස අවුරුදු 11ට අඩු දරුවන් පිළිබඳ ව විශේෂයෙන් දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවත් වෙනත් රටවල් මෙම වයසේ පසුවන දරුවන් පිළිබඳ ව දැඩි අවධානයකින් කටයුතු කරන බවත් වීරසිරිවර්ධන මහතා සඳහන් කළේය. ළමා කාලය තුළ දී විඳින මානසික පීඩාවන් ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු ද විවිධ පෞරුෂ අක්‍රමිකතා හා මානසික රෝගාබාධ බවට පත් විය හැකි බව ද වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සඳහන් කළේය.

    කායික, මානසික, ආධ්‍යාත්මික හා බුද්ධිමය සමාජීය ගති ලක්ෂණ ප්‍රශස්ත මට්ටමකට ගනිමින් මානසික සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගැනීමට පුද්ගලයා උත්සාහ දැරිය යුතුයි. අප රටේ සිය දිවි නසාගැනීම් පිළිබඳ වාර්තා කිරීමේ දී ජනමාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සඳහන් කළේය.


    මහනුවර විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහන මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් සංවිධානය කොට තිබිණ.

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya