නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ කන්නයේ වී සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලැබුණා

    සැප්තැම්බර් 17, 2014

    මේ කන්නයේ දී වී අස්වැන්න සඳහා ගොවීන්ට ඉතා සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වූ බව මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඒ.එම්. ධර්මසේන මහතා පවසයි. 


    සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (16) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ය.

    මේ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 45ත් 46ත් අතර මුදලක් ලැබුණු බවත් එම මුදල පිළිබඳ තමන්‍ ඇතුළු ගොවි ජනතාවට ඉතා සතුටට පත්විය හැකි බවත් ධර්මසේන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පළාත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස්. තිලකසිරි මහතා පැවසුවේ, මෙවර මහනුවරින් වී බුසල් ලක්ෂ පහළොවකට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ බවත් එම නිසා මහනුවර වී ගොවීන්ට ඉන් හොඳ ආදායමක් ලබා ගත හැකි වූ බවත්ය.  

    මෙහිදී කමිටුව හමුවේ තවදුරටත් අදහස් දැක් වූ ධර්මසේන මහතා මිනිපේ ඇළේ පිළිසකර කළ යුතු ස්ථාන රැසක් ඇති බවත් ඒවා ඉතා ඉක්මනින් පිළිසකර කර දෙන්නේ නම් ඉදිරි කන්නයේදී මිනිපේ ව්‍යාපාරයේ ගොවි ජනතාවට විශාල ශක්තියක් වන බව ද ප්‍රකාශ කළේය.

    ඊට පිළිතුරු ලබා දුන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඉදිරි වසරේදී මිලියන ගණනක් වැය කොට මිනිපේ ඇළ සංවර්ධනය කිරීම සඳහා මහා සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කොට ඇති බවයි. එතෙක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහය ලබා ගෙන සුළු නඩත්තු කටයුතු සිදු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත දිසාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මුණසිංහ මහතා සහ මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය වයි. කැටිපේආරච්චි මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහ ගොවි සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya