ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙම ගිවිසුමට එළැඹිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර නවෝත්පාදන, විද්‍යාත්මක සහ පර්යේෂණ උදෙසා වූ සහයෝගිතාව පුළුල් කරනු වස් ශ්‍රී ජයවර්ධපුර විශ‍්වවිද්‍යාලය සහ චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය අතර මේ දෙවන අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
මේ මඟින් ද්විපාර්ශ්වික ද්විත්ව පශ්චාත් උපාධි (MSc, PhD) පාඨමාලාවන් සඳහා ශ්‍රී ලාංකීය සිසුන්ට දොරටු විවෘත වනු ඇත. එසේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහ අධ්‍යයන/ අනධ්‍යන කාර්යමණ්ඩලයන්ට චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පුහුණුව සඳහා අවස්ථාව උදා වේ.
2014 ජනවාරි 23 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය අතර පළමු අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි.
චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය, චීන විද්‍යා හා තාක්ෂණවේදී විශ්වවිද්‍යාලය හා චීන විද්‍යායතන විශ්වවිද්‍යාලය අනුබද්ධිත ආයතනවලදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හට "චීන විද්‍යායතන විශ්වවිද්‍යාලයේ සභාපති පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන" තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට චීනයේ පශ්චාත් උපාධි හැදෑරීමට දෙවන අවබෝධතා ගිවිසුමෙන් අවස්ථාව උදා වේ.
චීන විද්‍යායතනය චීනයේ ස්ථාපිත විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ මූලික බලමුළුව වන අතර ඔවුන් අනාගත විද්‍යා හා තාක්ෂණ අභිවෘද්ධිය උදෙසා ඉමහත් පිටුවහලක් සපයයි. මේ වන විට මේ විශ්වවිද්‍යාලයේ ශාඛා 12ක්, අනුබද්ධිත ආයතන 117ක්, ජාතික පර්යේෂණ ආයතන 100ක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතන සහ තවත් 1000කට අධික ප්‍රාදේශීය පර්යේෂණ ආයතන විශාල ප්‍රමාණයක් චීනය පුරා ව්‍යාප්ත ව පවතී. මේ ආයතනය යුරෝපය, ඇමරිකාව, ජපානය රුසියාව, ඕස්ට්‍රේලියාව යනාදී වශයෙන් රටවල් 92ක් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම මඟින් ඔවුන්ගේ පර්යේෂණ කටයුතුවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
DB