නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත්වූවන්ට නොමිලේ අර්තාපල් බෙදා දීම තවදුරටත්

    සැප්තැම්බර් 17, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් දැඩි නියඟයෙන් පීඩාවට පත්වූවන්ට නොමිලේ අර්තාපල් බෙදා දීමේ වැඩසටහන අද දිනටත් ක්‍රියාත්මක වේ.


    මේ පිළිබඳ ව වැඩිදුර සොයා බැලීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා විශේෂ ව්‍යාපෘති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (16) කැප්පෙටිපොළ සහ තැන්නේකුඹුර ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.


    මේ වන විට නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අර්තාපල් කිලෝ ලක්ෂ 11ක ප්‍රමාණයක් බෙදා දී ඇති අතර සතොස විසින් වැලිමඩ අර්තාපල් ගොවීන් වෙතින් අර්තාපල් කිලෝ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් මිලදී ගැනීම් සිදු කොට හමාරය. මෙසේ අර්තාපල් මිලදී ගැනීම එක් කිලෝවක් සඳහා වූ රජය විසින් නියම කළ ස්ථාවර මිල වූ රු. 80.00ක් විය.

    මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යතුමා පෙන්වා දුන්නේ රුපියල් කෝටි 09කට ආසන්න මුදලක් මේ වන විටත් මෙම අර්තාපල් මිලදී ගැනීමේ විශේෂ ව්‍යාපෘතිය සඳහා වැය කොට ඇති බවයි. එම මිලදී ගැනීමේ වැඩසටහන අඛණ්ඩ ව සිදු කර ගෙන යන බවත් ඔහු කීය.

    එමෙන් ම ඌව පළාත් සභා මැතිවරණය ආසන්නයේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව විපක්ෂයේ විරුද්ධවාදීන් විසින් කටකතා පතුරවන බවටත් එවැනි කට කතා සඳහා මුලා නොවන ලෙසටත් අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මැතිවරණය වෙනුවෙන් ඡන්ද ලබා ගැනීමේ හුදු ඡන්ද ගුණ්ඩුවක් ලෙස මෙය හඳුන්වා දීම දැඩි ව ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා මෙය අඛණ්ඩ ව රජය විසින් සිදු කරන විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බව ද ගොවි ජනතාව ඉදිරියේ පවසා සිටියේය. 

    එමෙන්ම නුවරඑළිය සහ වැලිමඩ අර්තාපල් ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න තැන්පත් කර ගැනීම සඳහා ශීත ගබඩා (Cooling Stores) ලබා දීමට මේ වන විට සැලසුම් සකස් වී ඇති බවට අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මැදිහත්වීම යටතේ මෙම වැඩසටහන අඛණ්ඩ ව ක්‍රියාත්මක වන අතර අද දිනටත් හම්බන්තොට, වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි නියඟයෙන් පීඩාවට පත් වූවන් වෙත අර්තාපල් ලබා දීම සිදු වේ.

    NDH/SH dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya