ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ආර්. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම පුහුණු වැඩසටහන සඳහා නුවරඑළියේ රාජ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීහු 50කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. රාජ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ කළමනාකරණ සහකාර නිලධාරීහු මේ අතර වූහ.
දෙවන භාෂා කඩඉම් විභාගය සමත්වීම රාජ්‍ය සේවය තුළ ඉතා අවශ්‍ය බැවින් මෙවැනි පුහුණු වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මයි. වර්ෂය පුරා ක්‍රියාත්මක භාෂා පුහුණු වැඩසටහන්වලට සාපේක්ෂව මෙම කෙටි කාලීන පුහුණු වැඩසටහන මේ වන විට දිවයින පුරා ඉතා ජනප්‍රිය වී තිබේ. දෙමිළ භාෂා සන්නිවේදන කුසලතාව වර්ධනය කරගැනීම තුළින් සහජීවනයෙන් සපිරුණු මහජන සේවාවක් සපයාදීම මෙම ද්විභාෂා වැඩසටහනෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.
NDH/SH-dmu nuwaraeliya