ඒ යටතේ එක් රැස් කළ පානීය ජලය සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් පීඩාවට පත් ජනතාවට බෙදාදීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට භාර දීම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වාරියපොළ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ කලාප අංක 02 කාර්යාල පරිශ්‍රයේ දී සිදුවිය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිවි නැගුම කළමනාකරුවන් සහ දිවි නැගුම නිලධාරීන් විසින් ප්‍රදේශයේ පරිත්‍යාගශීලී ජනතාවගේ සහය ලබාගනිමින් දිවි නැගුම සමාජ සත්කාරක සේවාව ක්‍රියාවට නංවා තිබේ.
මෙම වැඩසටහන යටතේ එක් රැස් කරගන්නා ලද ද්‍රව්‍ය රැගත් ලොරි රථ 10ක් අනුරාධපුරය බලා පිටත් කර හැරීම සිදුවු අතර මෙම ද්‍රව්‍ය මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ පිඩාවට පත් පවුල් අතර බෙදා දීමට නියමිතය.
මෙම ද්‍රව්‍ය තොගය භාරගැනීමේ අවස්ථාවට එක්වු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා සඳහන් කළේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කර ඇති මෙම සමාජ සත්කාරක සේවාව නියඟයෙන් පීඩාවට පත් ජනතාවට විශාල සහනයක් බවත්, එය සංවිධානය කළ දිවි නැගුම නිලධාරින් ඇතුළු සමස්ත කුරුණෑගල ජනතාවට අනුරාධපුර ජනතාවගේ ප්‍රසංශාව පළ කරන බවත්ය.
මෙම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳ ව අදහස් දැක් වු දිවි නැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් මහතා සඳහන් කළේ දිවි නැගුම කලාප අංක 02ට අයත් ගම්පහ, කැගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ජනතාව විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දිවි නැගුම සමාජ සත්කාරක සේවා වැඩසටහන් රැසක් මීට පෙර සාර්ථක ව සිදු කළ බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පානීය ජල බෝතල්, සහල්, සිනී, පරිප්පු, තේ කොළ, පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහිත වියළි සලාක 3000ක් පමණ මෙලෙස අනුරාධපුර ජනතාව වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් පැවසීය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිවි නැගුම කළමනාකාරවරු සහ දිවි නැගුම නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටිහ.
DB