නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගල ජනතාවට දිනක පානීය ජල පහසුකම් ලබාදීමට බාලදක්ෂිකා සංගමයේ සහය

    සැප්තැම්බර් 12, 2014

    නියඟයෙන් පීඩාවට පත් දිඹුලාගල ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය මඟින් එක් දිනක ජලය බෙදාහැරීම සඳහා බවුසර් රථයකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පරිත්‍යාග කිරීම අද (12) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

     


    ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජෙස්මින් රහීම් මහත්මියගේ උපදෙස් පරිදි මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ. 

     

    එම සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස් තිළිණි අතුකෝරල, උතුරු මැද පළාත් නියෝජ්‍ය කොමසාරිස් නයනා මංඩාගම, ප්‍රජා බාලදක්ෂිකා විධායක නිලධාරිනී ප්‍රියන්ති රාජපක්ෂ, ව්‍යාපෘති සාමාජික ශ්‍රීමා පෙරේරා, සහ එල්. ලිෆීර් යන මහත්මීන් විසින් අදාළ ප්‍රතිපාදන පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරී නිස්ස දයාරත්න මහතා වෙත ලබා දෙන ලදී.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya