නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ නව ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 12, 2014

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා මහර බන්ධනාගාරය එක් ව ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව විසින් මතට තිත සංකල්පය යටතේ මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ නව ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇත.

    මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (12) පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පරිශ්‍රයේදී පැවැත්විණ.

     

    මෙම ව්‍යාපෘතිය මඟින් බන්ධනාගාර රැඳවියන් අතර සියයට 46ක් පමණ වූ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රැඳවියන් පුනරුත්ථාපනය කර නැවත සමාජානුගත කිරීමට හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා නැවත නැවත බන්ධනාගාරගත වීම වැළැක්වීමටත් අපේක්ෂා කරන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා එහිදී ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya