මහර බන්ධනාගාරයේ දී මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ නව ව්‍යාපෘතියක් ඇරඹීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙම මතට ඇබ්බැහිවූවන් වරින් වර බන්ධනාගාරගත වීම හේතුවෙන් බන්ධනාගාරවල රැඳවියන් අධික වීම නිසා ඇති වන තදබදය අවම කරගැනීමටත් මෙම ව්‍යාපෘතිය පිටුවහලක් වන බව ජයසිංහ මහතා පවසා සිටියේය.
සය මාසික පුනරුත්ථාපන වැඩසටහනක් ලෙස සකසා ඇති මෙම ව්‍යාපෘතිය පළමුව සැප්තැම්බර් 15 දින සිට මහර බන්ධනාගාරයේ මතට ඇබ්බැහි වූ රැඳවියන් 100ක් තෝරාගෙන ඔවුන් පුනරුත්ථාපනය සිදු කිරීම මඟින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
අනතුරු ව දිවයිනේ සෙසු බන්ධනාගාර වෙත ද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව අදහස් කරයි.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ සංවර්ධන අතිරේක ලේකම් නිමල් කොටවලගෙදර, මහර බන්ධනාගාර අධිකාරී උඩුවර, ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එම්.පී. සරත් චන්ද්‍ර, දිස්ත්‍රික් කොමසාරිස් නීතිඥ ශාක්‍ය නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක් ව සිටියහ.
SDF