නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පියවර

    සැප්තැම්බර් 12, 2014

    පාරිභෝගික ජනතාවගේ සුබසාධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය මඟින් පියවර ගෙන ඇති අතර එහි ආරම්භක පියවරක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පාරිභෝගිකයන් පිළිබඳ සමීක්ෂණයක් කිරීමට සැලසුම් කර තිබේ.


    මේ සමීක්ෂණය පිළිබඳ පාර්භෝගිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා පාරිභෝගික සුබසාධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මහගෙදර සාද නිකේතනයේදී පැවැත්විණි.

     

    නියමු ව්‍යාපෘතියක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ම ආවරණය වන පරිදි මේ සමීක්ෂණය සිදු කෙරේ. එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සංවර්ධන නිලධාරීන් 03 දෙනෙකු යොදා ගෙන මේ සමීක්ෂණය සිදු කරනු ඇත. දිස්ත්‍රික්කයේ ග්‍රාමීය, නාගරික අර්ධ නාගරික යන අංශ නියෝජනය වන පරිදි පුද්ගලයන්ගෙන් මේ සමීක්ෂණයේදී තොරතුරු ලබා ගෙන පාරිභෝගික සුබසාධනය සඳහා මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට නියමිතය.

    NDH/AK-dmu kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya