මෙරට පවතින සෞඛ්‍ය හා පාරසරික ගැටලු නිසා තවදුරටත් රසායනික පොහොර භාවිත කරනවා ද කාබනික පොහොර භාවිතය සඳහා යොමුවෙනවාද යන්න පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අරමුණු කර ගත් මේ වැඩසටහනේදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එන්. සිරිසේන මහතායි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වකුගඩු රෝගය ඇතුළු සෞඛ්‍යමය ගැටලු සඳහා රසායනික පොහොර භාවිතය වක්‍රව බලපාන බවත් එම තත්ත්වයන් අවම කිරීම සඳහා හැකිතාක් දුරට රසායනික පොහොර භාවිතයෙන් ඈත් වී කාබනික පොහොර භාවිතය සඳහා යොමු විය යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එන්. සිරිසේන මහතා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, 2001 වර්ෂය තෙක් පැවති පොහොර නිර්දේශ පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු හමුවේ 2013 වසරින් පසු පර්යේෂකයන් වෙනස් කළ බවත් තවදුරටත් සිදු කරනු ලබන පර්යේෂණයන්ගෙන් පසු ඉදිරි වසර 10 ඇතුළත පොහොර භාවිත නිර්දේශ වෙනස් කිරීමට සිදු වන බවත් සඳහන් කළේය.
මේ අවස්ථාවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පොලොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විමල් කුමාරණතුංග මහතා ඇතුළු නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයෝ එක් ව සිටියහ.
NDH/WK-BG dmu polonnaruwa