මේ පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රුපියල් මිලියන 224ක වියදමින් සිදු කරන මෙම සංවර්ධන ව්‍යාපෘති දැඩි දුෂ්කරතා
පවතින මහවිලච්චිය, කැබිතිගොල්ලෑව, නොච්චියාගම හා හොරොව්පතාන ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අගතියට පත් ජනතාවගේ දිළිඳු බව අඩු කිරීම හා යටිකතල පහසුකම් සංවර්ධනය මෙම
ව්‍යාපෘති මාලාවේ මුලික අරමුණකි. ඒ යටතේ ආදායම් මට්ටම වැඩිකිරීම, නිෂ්පාදනය
ඉහළ නැංවීම සඳහා කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන, ප්‍රාදේශීය ඵලදායිතා ක්‍රියාකාරකම්, මධ්‍ය
පරිමාණ යටිතල පහසුකම් ආදිය නැංවීමට මුලික අවධානය යොමුකර ඇත. මේ අනුව
අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා, ජල ආදි ක්ෂේත්‍රවල ඉහළ වර්ධනයක් සිදුවනු ඇත.
සමස්ත ව්‍යාපෘති සම්පූර්ණයෙන් ම නිමා කෙරෙන්නේ 2017 වසරේ දී ය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන,
යුනිසෙෆ් යන වැඩසටහන්වල නියෝජිතවරු, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, අදාළ ප්‍රාදේශීය
ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
DB