නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දිවි නැගුම සහන අරුණ ණය" පහසුකම් නැගෙනහිර කොළඹටත්

    සැප්තැම්බර් 11, 2014


    "දිවි නැගුම සහන අරුණ ණය ක්‍රමය" මගින් දිවි නැගුම ප්‍රජා මූල බැංකු සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා අවම පොලී අනුපාතිකයක් යටතේ ණය පහසුකම් ලබා දීමේ උත්සවයක් පසුගියදා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දකුණු කොළඹ ප්‍රජා මූල බැංකුවේදී පැවැත්විණ.


    මෙහිදී දිවි නැගුම ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව ණය මුදල් ප්‍රදානය කිරීම නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. 


    ඒ අනුව දිවි නැගුම ප්‍රජා මූල බැංකු සංගමය මඟින් 4%ක අවම පොලී අනුපාතිකයකට යටත් ව රුපියල් 5000 සිට රුපියල් 50,000 දක්වා සාමාජිකයන් වෙත ණය පහසුකම් ලබා දීම සිදු කරනු ලැබේ.


    අඩු ආදායම්ලාභීන්ගේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමට, ඔවුන් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සඳහා, ව්‍යාපාර සඳහා ද්‍රව්‍ය මිලදී ගැනීම්, මූලික උපකරණ මිලදී ගැනීම් වැනි කටයුතුවලට, හදිසි ආපදා තත්ත්වයකට සහ වෙනත් ණය මුදලක් පියවීම වැනි විවිධ කරුණුවලදී මෙම මුදල් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වේ.


    ප්‍රජා මූල බැංකු සංගමයේ කළමනාකරු, ප්‍රජා මූල බැංකු සංගමයේ නිලධාරීන් හා දිවි නැගුම ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya