නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හතක් අද සිසු අයිතියට

    සැප්තැම්බර් 12, 2014

    අද (12) පෙරවරු 10.00ට බදුල්ල දිස්ත්‍රික්කයේ උඩවෙල මහා විද්‍යාලය, පෙරවරු 10.45ට කැන්දගොල්ල මධ්‍ය මහා විද්‍යාලය, පෙරවරු 11.25ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, පෙරවරු 11.45ට බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කිරීමට නියමිතය.


    මෙදින ම පස්වරු 2.00ට ඌව හයිලන්ඩ් දෙමළ විද්‍යාලය, මලිත්ත මහා විද්‍යාලය, පස්වරු 2.30ට කන්දෙගෙදර මහා විද්‍යාලයේ අලුතින් ඉදි කරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ද සිසු අයිතියට පත් කරන්නේ ජනාධිපතිතුමා විසිනි.

    මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා හා සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya