නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය: ඊයේ ස්ථාන 17,676ක් පරීක්ෂාවට

    සැප්තැම්බර් 11, 2014

    ඊයේ (10) ආරම්භ වූ ජාතික මදුරු මර්දන සතියේ වැඩසටහන් මඟින් දිවයින පුරා ස්ථාන 17,676ක් පරීක්ෂාවට ලක් කර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන 7,333ක් හඳුනා ගෙන ඇත. 


    ඒ අනුව මදුරු කීටයන් සහිත ස්ථාන 1,111ක් 1402කට නොතීසිත් 210කට නඩු පැවරීමටත් පියවර ගන්නා ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කර තිබෙන ජාතික මදුරු මර්දන සතියේ පළමු දිනය වන ඊයේ "අධ්‍යාපනික ආයතන දිනය" වශයෙන් නම් කර තිබුණි. ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව දිවයිනේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතන එනම් සියලුම පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ නේවාසික ස්ථාන, ළදරු පාසල් සහ පෞද්ගලික පන්ති ක‍්‍රියාත්මක වන ස්ථාන ඇතුළත් වන සියලුම පරිශ‍්‍රවල මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලැබීය. 

    ඒ ඒ අධ්‍යාපනික ආයතනවල සිදු වන මදුරු මර්දන කටයුතු ක‍්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන්, මව්පියන්, අදාළ ආයතනයේ ඩෙංගු මර්දන කමිටුව හා සේවක මණ්ඩලය, මහජන සෞඛ්‍ය කාර්යමණ්ඩල, පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව සහයෝගය ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. 

     

    ජාතික මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (11) "ආයතනික දිනය" වශයෙන් නම් කර තිබේ. ඒ අනුව අද දින සියලුම රාජ්‍ය (රෝහල්, පොලිසි, ආරක්ෂක අංශ ආදී) සහ පෞද්ගලික ආයතන ආයතනවල මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඩෙංගු මර්දන කමිටු, සේවක මණ්ඩල සහ මහජන සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු සැමගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. 

    ජාතික මදුරු මර්දන සතියේ තෙවන දිනය වන හෙට (12) දිවයිනේ සියලුම පොදු ස්ථාන හා නාගරික කානු පද්ධති පරීක්ෂා කිරීමට නියමිතය. මේ සඳහා පළාත් පාලන ආයතන සේවක මණ්ඩල, ග‍්‍රාමිය කමිටු, මහජන සෞඛ්‍ය කාර්යමණ්ඩල, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

     

    ජාතික මදුරු මර්දන සතිය ලබන 16 දින දක්වා ක්‍රියාත්මක වේ. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya