නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර සංවර්ධනයට තවත් මිලියන 224ක්

    සැප්තැම්බර් 11, 2014
    අනුරාධපුර දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා  ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ජාත්‍යන්තර සංවිධාන සමඟ ඒකාබද්ධ වෙමින් විශේෂ ව්‍යාපෘති රැසක් ආරම්භකර තිබේ.

    ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ, ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා යුනෙස්කෝ සංවිධානය මගිනි. මෙහිදී දිස්ත්‍රික් සංවර්ධයට සහය වීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි වැඩසහන් සකස් කර ඇත.

    මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (11) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

    රුපියල් මිලියන 224ක වියදමින් සිදුකරන මෙම සංවර්ධන ව්‍යාපෘති දැඩි දුෂ්කරතා පවතින මහ විලච්චිය, කැබිතිගොල්ලෑව, නොචිචියාගම හා හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    අගතියට පත් ජනතා‍වගේ දිළිඳු බව අඩු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය මෙම ව්‍යාපෘති මාලාවේ මුලික අරමුණයි.  ඒ යටතේ ආදායම් මට්ටම වැඩි කිරීම, නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කුඩා පරිමාණයේ නිෂ්පාදන, ප්‍රාදේශීය ඵලදායිතා ක්‍රියාකාරකම්, මධ්‍ය පරිමාණ යටිතල පහසුකම් ආදිය නැංවීමට මුලික අවධානය යොමුකර ඇත. මේ යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා, ජල ආදි ක්ෂේත්‍රවල ඉහළ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

    තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරෙහි කවර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව ප්‍රමාණාත්මකව තක්සේරු සිදුකර ඇති අතර අද පැවැති සම්බන්ධීකරණ රැස්වීමෙන් පසුව එය ක්‍රියාවට නැංවේ. සමස්ත ව්‍යාපෘති සම්පුර්ණයෙන් ම නිමා කෙරෙන්නේ 2017 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ය.

    මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරවාරයේ දී ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා තුන් මසකට වරක් රැස් ව සාකච්ඡා කරන අතර අඛණ්ඩ අධීක්ෂණයක් ද සිදුවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්විය යුතු බවද මෙම සකච්ඡාවේදී අවධානයට ලක් කෙරිණ. 
    මෙම අවස්ථාවට එක් වූ අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ, “අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙම ව්‍යාපෘති විශාල පිටුවහලක් වන බවයි. ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන,  යුනිසෙෆ් යන  සංවිධාන නි‍යෝජිතයින්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ,  අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

    ECB/SB_dmu_Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya