මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගොවි සතිය හා ප්‍රදර්ශනයට අතිවිශාල ජනතාවක්

    සැප්තැම්බර් 11, 2014

    "රන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය" ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය - 2014 නැරඹීමට අතිවිශාල ජනතාවක් පසුගිය දින 02හි මාතර තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


    ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව එහි දෙවන දිනය නියෝජනය කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මයගේ ප්‍රධානත්වයෙන් දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් තෝරාගත් ගොවීන් පිරිසකට මූල්‍ය ප්‍රදානය කිරීමක් ඊයේ (10) විශේෂයෙන් සිදු විය.


    පසුගිය 09 දින ආරම්භ වූ මේ ප්‍රදර්ශනය ලබන 14 දින දක්වා නොමිලේ නැරඹීමට ඉඩකඩ සලසා ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහන්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ආරම්භක අවස්ථාවට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ද එක්ව සිටියේය.

     

    කෘෂිකර්මය පදනම් කරගත් උපායමාර්ග හා වැඩසටහන් දිවයින පුරා සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමටත් කෘෂිකර්මාන්තය වඩාත් ආකර්ෂණීය වෘත්තියක් බවට පත්කිරීමේ සංකල්පය මත පදනම්ව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන් ගොවි ප‍්‍රජාව නියෝජනය කරමින් තෝරාගත් ගොවීන් පිරිසකට ප‍්‍රතිලාභ ලබාදීම ද මෙහිදී සිදු කෙරුණි.

     

    ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව ඇන්තූරියම්, ජර්බරා, රෝස ආදී මල් වගාවන් හා බෙල් පෙපර්, සලාද, පිපිඤ්ඤා ආදී වගා කටයුතු සඳහා ආරක්ෂිත ගෘහ ඉදිකිරීමට චෙක්පත් ප‍්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි. වාණිජ ගොවිපොළ වැඩසටහන යටතේ වගා මළු 5000ක් සඳහා බිම්මල් ගෘහ සාදා ගැනීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබාදීමට කටයුතු කිරීම මෙම උත්සවයේ සුවිශේෂී අංගයකි. 

     

    ඊට අමතර ව තරුණ කෘෂි ව්‍යවසායකයන් කෘෂිකර්මයට නැඹුරු කිරීම වර්ධනය කිරීමේ අරමුණින් කෘෂිකාර්මික උපකරණ, බිම්මල් ගෘහ ඒකක සාදා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග‍්‍රහයන් මෙහිදී ලබා දුන් අතර අත්හරින ලද ඉඩම්වල තණකොළ වගාව සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම මෙහිදී සිදු කෙරුණි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya