අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගර සංවර්ධනයට උපයෝගිතා වාහන හා යන්ත්‍රෝපකරණ

    සැප්තැම්බර් 11, 2014
    කොළඹ නගරාශ්‍රිත යටිතල පහසුකම් නඩත්තුව හා ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් උපයෝගිතා වාහන හා යන්ත්‍රෝපකරණ කොළඹ මහ නගර සභාව වෙත ප්‍රදානය කිරීම හා පොදු සනීපාරක්ෂක පද්ධති 4ක් මහජනතාව වෙත ප්‍රදානය කිරීම ඊයේ (10) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ භූමියේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ නාගරික පුනර්වර්ධන  ව්‍යාපෘතියක් වන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ලෝක බැංකු සහන ණය පදනම යටතේ මෙම සංවර්ධන අදියර කිහිපය සිදුකරන ලදී. 
     
    මෙම නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ආයෝජනය ඇමරිකානු ඩොලර්  මිලියන 223 (රුපියල් මිලියන 29,000) ක් වන අතර එහි ප්‍රධාන අරමුණ වනුයේ කොළඹ නගර සීමාව තුළ ජල ගැලීම් පාලනය කිරීම හා ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අදාළ සේවාවන් වේ.
     
    කොළඹ නගර සීමාව තුළ නවීකරණය කරන ලද මහා මාර්ගයන් හා ජලාපවහන පද්ධති ක්‍රමවත්ව මෙහෙයවීම සහ නඩත්තු කටයුතු කිරීම සඳහා මෙම උපයෝගීතා වාහන හා යන්ත්‍රෝපකරණ අත්‍යවශ්‍ය වේ.
     
    එසේම සිව්දෙසින් විවිධ කටයුතු සඳහා කොළඹ නගරයට දිනපතා පැමිණෙන මහජනතාවගේ පහසුව පිණිස මහජනතාව විශාල වශයෙන් පැමිණෙන ස්ථානවල තවත් පොදු සනීපාරක්ෂක පද්ධති 4ක් ස්ථාපිත කර ඒවා ප්‍රදානය කිරීමද සිදු කෙරිණ. මෙම නව පොදු සනීපාරක්ෂක පද්ධති පිහිටා ඇති ස්ථාන වනුයේ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත - තොටළඟ, සෝන්ඩර්ස් පෙදෙස - පිටකොටුව, හැව්ලොක් පාර තිඹිරිගස්යාය හා පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ස්ථානයන්හිය.
     
    මෙහි පළමු පියවර වශයෙන් 2013 වසරේ පොදු සනීපාරක්ෂක පද්ධති 07ක් ජනතා අයිතියට පත් කරන ලදී. නවීන පහසුකම්වලින් සමන්විත මෙහි ආබාධිත අයට පවා සනීපාරක්ෂක කටයුතු කර ගැනීමට පහසුකම් සලසා ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි,  කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කොළඹ නාගරික කොමසාරිස්තුමිය, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු සහ කොළඹ නගර සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.
     
    DB
     
    New Utility Vehicles handed over to the Colombo-Municipal Council 20140910 12p1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya