අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020 වන විට රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම අරමුණු කෙරේ

    සැප්තැම්බර් 11, 2014

    වසර 2020 වන විට රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණු වී ඇති බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එච්. ලෙස්ලි තිසේරා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. 


    දේශීය වශයෙන් පරිභෝජනය සඳහා වසරකට කිරි ලීටර් මිලියන 750ක අවශ්‍යතාවක් පැවතුණ ද රට තුළ තවමත් නිෂ්පාදනය කෙරෙනුයේ 50%කටත් වඩා අඩු මට්ටමක් බවත්, ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වසරකට කිරි ලීටර් මිලියන 320ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන බව ලේකම්වරයා පැවසීය.


    කිරි නිෂ්පාදනය වැඩි කිරීමට නම් හොඳ වර්ගයේ කිරිදෙනුන් ගොවීන් වෙත ලබාදීම ඉතාමත් වැදගත් වන බව පෙන්වා දුන් ලේකම්වරයා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක් දැනටමත් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බවයි. 


    දැනට හොඳ වර්ගයේ කිරි ගවයන් 2000ක් ලංකාවට ගෙන්වා ඇති අතර, තවත් කිරි ගවයන් 2500ක් මේ වසරේදී ගෙන ඒමට පශු සම්පත් අමාත්‍යාංශය මගින් කටයුතු යොදා ඇත. හොඳ වර්ගයේ සතුන් ආනයනය කොට එම සතුන් ගොවීන්ට හා ව්‍යවසායකයන්ට ලබාදීම අමාත්‍යාංශය මගින් සිදු කෙරේ.


    දැනට ලංකාවට ගෙන්වන ලද කිරි ගවයන් ජාතික පශු සම්පත් මණ්ඩලය (NLDB) මගින් බෝපත්තලාව, මැනිම් ෆාම් සහ ඩයගම යන ෆාම් තුන හරහා පාලනය කිරීම සිදු කෙරේ. මෙම කිරිගවයන්ගෙන් මේ වන විට ලැබී ඇති පැටවුන්ගෙන් 60%ක් පමණ ගැහැණු සතුන් වන අතර, මේ අය දැනටමත් ගොවීන්ට හා ව්‍යවසායකයින්ට ලබාදී ඇත. මෙම කිරි ගොවිපොළවල් ඔස්සේ දැනට සාමාන්‍යයෙන් දවසකට කිරි ලීටර් 21,000ක් පමණ ලබා ගත හැකි බව තිසේරා මහතා පවසයි.  


    කිරි නිෂ්පානය වැඩි කිරීමට හොඳ ආරේ කිරි දෙනුන් ලබා ගැනීම වෙනුවෙන් ම මේ වන විට කිරි ගව අභිජනන මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කර ඇත. ඒ ඔස්සේ කෘතිම සිංචන මගින් හොඳ වර්ගයේ සතුන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. දැනට රට තුළ මෙවැනි කුඩා කුඩා අභිජනන මධ්‍යස්ථාන 1000ක් ඉක්ම වූ ප්‍රමාණයක් පිහිටුවා ඇති අතර, මෙවැනි අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන අය වෙත පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් මූල්‍යාධාර වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීම සිදු කෙරේ. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya